ගිලෙම් ඔබේ ගුණ මූදේ


එවක ලියැවුණු බොහෝ ගීත හින්දි, දෙමළ හෝ වෙනත් තනුවලට හිර වී ප්‍රබන්ධ කිරීමට ගීත රචකයන්ට සිදු විය. එනිසා ඔවුන්ට ස්වාධීන, ස්වතන්ත්‍ර කාව්‍ය සංකල්පනා ඔස්සේ ගී ලියන්නට නිදහසක් නො තිබිණි. අද ගීත ප්‍රබන්ධකයන්ට සිත් සේ සිය කාව්‍ය සංකල්පනා ගේය පද බවට පත් කරන්නට පිළිවන. එම පදමාලා අතිශය මධුර වූ ද වස්තු විෂයයට ඔබින්නා වූ ද සංගීත රචනාවලින් පොහොසත් කිරීමට සමත් දක්ෂ සංගීතඥයෝ ද වාද්‍ය ශිල්පීහු ද වෙති.
අද අප ඉදිරිපත් කරන බොදු ගීතය රචනා කළෝ සුපතළ කිවියර අරීසෙන් අහුබුදු සූරීහු ය.
අරීසෙන් අහුබුදු කිවියා අපේ පැරැණි සාහිත්‍යය මැනවින් ප්‍රගුණ කළ මහ වියතෙකි. ඉන් පෙරාගත් වියත් යෙදුමින් සැරැසුණු මෙම ගීයට ඔහු අලුත් – අමුතු යෙදුම් එක් කරයි.
බුදු සමිඳුන්ගේ ‘බුදු ගුණ මූදේ’ ගිලෙන කවියා විඳින්නේ ‘දම් සාදය’ යි. ‘සාදය’ යනු අද වහරේ එන විනෝදයට බර සංසිද්ධියකි. එය සතුට - වින්දනය - ආස්වාදය ගෙන දෙන්නකි. එහෙත් ‘දහම් සාදය’ සෙත් සුව මැ එළවන්නකි. එබැවින් ඒ අලුත් යෙදුම මෙහි මැනැවින් ගැළැපෙන්නකි.
බුදු සමිඳුන්ගේ සිල් තෙද ‘දිනිඳුන් සිල් ගත් කල මෙනැ’ යි කීමෙන්, කොහොමටත් තෙද ඇති හිරු සිල් ගැනීම නිසා තවත් තෙදවත් වී යැ යි පැවැසීම අපූරු කවි කල්පනාවකි. කවියා සිය ගීය නිමා කරන්නේ දෙවියන්ටත් දෙවි වූ බඹුන්ටත් බඹු වූ බුදු සමිඳුන් අසමසම බව පවසමිනි.
මේ ගීයට බෙහෙවින් උචිත මන්ද්‍ර ලයෙන් යුතු, සැබැවින් ම හෘදයංගම, භක්තිය දනවන තනුවක් නිර්මාණය කර, ගීයේ අරුත තීව්‍ර වන අන්දමින් ගායනා කරමින්, පණ්ඩිත් අමරදේවයෝ ‘ගිලෙම් ඔබේ ගුණ මූදේ’ ගීය නූතන බොදු බැති ගී අතර සුවිශේෂ ගීතයක් බවට පත් කරති
උපුටා ගැනීම - namaskara .lk වෙතින් .